ලොරියකට සෙට්වුන ලොරියක් බලන්න ගිය ගමන..
ඔන්න ඉතින් අද කියන්න යන්නේ අපේ බෝඩිමේ හතර දෙනාගෙන් කෙනෙක් හැන නම් නෙවෙයි. අපේ බෝඩිමේ ලඟම හිතවතියක් ගැන. දන්නවනේ ලන්ඩන් වල ඇල්බට් අංකල් ගැන. එයාගේ දුව, ටීනා කුමාරි තමයි අද මාතෘකාව. මෙයා අපිට දවසක් ගෙදර එන්න කියලා ඉල්ලීමක් කලා. අපිත් ඒ ආරාධනාව පිළිගත්තා. අපිට ගේ තියන තැන කිව්ව විදිහට අපි හිතුවේ ලන්ඩන් හන්දියේ තියෙන බිග්-බෙන් ඔරලෝසු කණුව යට කියලයි. ඒත්...
ඔන්න පහුගිය නිවාඩුවට මමත්, නයන්නයත් මොනාගේ ගෙදර ගියා. එහේදි නයන්නයටත් රසවත් අත්දැකීමක් ලැබුණා. ඒවා පස්සේ බලමුකෝ. කතාව පටන්ගමු එහෙනම්. ඔන්න අපි අර ආරාධනාව පිළිඅරන් යන්න පිටත්වුනා. අපි ඉතින් ලන්ඩන් හන්දියට ටිකට් ගන්නත් හදලා, කොයි එකටත් කෝල් එකක් දුන්නා ටීනා කුමාරිට. ඔන්න එයා අපිට බහින්න ඕනේ හෝල්ට් එකක නමක් කිව්වා. මොනාටත් මටත් ටිකට් දෙකක් අරගෙන අපි බස් එකට වෙලා හිටියා. ඔන්න ලන්ඩන් හන්දිය නම් පහු උනා. තවත් ටික වෙලාවකින් පස්ස හැරිලා බැලුවා. දැන් නම් බිග්-බෙන් එකත් ටිකක් ඈතින් පේන්නේ. අපි කොන්දොස්තර කොල්ලාගෙන් ඇහුවා බහින තැන ගැන. වෙලාවට කියන්නම් කියලා පොර පනාව දාලා ගියා. අපි ආයෙ බැලුවා බිග්-බෙන් දිහා. දැන්නම් නොපෙනෙන තරම් දුර ඇවිත්..
තවත් සෑහෙන වෙලාවක් හිටියා.. කොන්දොස්තර කොල්ලා නෑ සද්දයක්. අමතක වෙලාවත්ද? බිග්-බෙන් නොපෙනී ගිහින් දැන් හුඟාක් දුර අවිත්. අපි දෙන්නට වැරදුනාවත්ද? ඔන්න තවත් ටිකවෙලාවකට පස්සේ කොන්දොස්තර කොල්ලා අපිට බහින්න කිව්වා. මොනාත් මමත් බස් එකෙන් බැහැලා ආයේ කෝල් එකක් ගත්තා. අපිට ටැක්සි එකක් අරගෙන එන්න උපදෙස් ලැබුනා. ඔන්න අපි ටැක්සියකට නැගලා යනවා. ඔන්න ඒපාර මේකෙත් සෑහෙන දුරක් ආවා. කිලෝමීටර් බරගානක් ගියාට පස්සේ පොර අපිව බැස්සුවා. ටැක්සියට ගෙවන්න ටීනා කුමාරි ඇවිත් හිටියා. එයාටම ගෙවන්න දීලා මොනාත් මමත් අහක බලාන හිටියා. අපිට සල්ලි නැතුව එහෙම නෙවෙයි. ආගන්තුක සත්කාර කියන්නේ ඒවටනේ.. අපි ඒවට සහයෝගය දෙන්න එපැයි.
අපි දෙන්නා වට පිට බැලුවා. පේන විදිහට අපි ලන්ඩන් වලින් නෙවෙයි එංගලන්තෙනුත් එලියට ඇවිත් වගේ. කියනකොට නම් ටීනා කුමාරි කීවේ බිග්-බෙන් ලඟමයි කියලා. ඒක පැත්තකින් තියමුකෝ. ආයෙත් අපි දෙන්නා ටීනා කුමාරි එක්ක පයින්ම ගමනට වැටුනා. ඔන්න දැන් පයින් කිලෝමීටර් කිහිපයක් ආවා. මේ තේවත්ත අපේ කිය කිය ටීනා කුමාරි නම් අපිට ඉස්සරහින් කන්ද නගිනවා ගෙදරට යන පාරේ. අපි දෙන්නත් දිව ඇදගෙන හුස්ම ගන්න ගමන් කුමාරිගේ පස්සේ යනවා. තව ටික දුරක් ගියොත් නම් අපේ දිව පෑගෙන තරමට ඇදෙන්න තිබුනා. කොහොමින් කොහොම හරි ඔන්න අපි ගෙදරටම ආවා කියලා ටීනා කුමාරි කීවා. අපි දෙන්නාට නම් ෂුවර්ම නෑ මේ ආපු දුරේ හැටියට. එවා හරි කියමු.
ඔන්න දවල් කෑම වෙලාවත් ආවා. ටීනා කුමාරිත් උයන්න ගියා. අපි දෙන්නා නාකියාගෙන ඉන්නකොට කෑම මේසෙට ආරාධනාව ආවා. ටීනා කුමාරිත් ඉවුවා කියලා කීවා ව්‍යංජන දෙකක්. අපොයි... එකක් පපඩම්, අනික සම්බෝලයක්. ඔන්න ටීනා කුමාරිගේ ඉවුම් පිහුම්. ටීනා කුමාරිගේ පියා ඇල්බට් අංකල්ට උයන්නම බැහැ කියලයි කියන්නේ. ඔන්න ඕකයි ටීනා කුමාරිගේ කතාව.
නම් ගම් කියන්න නම් එපාම කියලා කිව්ව හින්දා නම් ගම් මන:කල්පිතයි කියල කියමුකෝ..
මේ ටීනා කුමාරිගේ ආදරවන්තයා නම් අල.. එච්චරයි කියන්න තියන්නේ.
ela ela
ReplyDeleteadarawanthaya oyath ekka e gamana giyaneda u ge gama puttlam districk wala neda thiyenne
ReplyDeleteBudu ammo... E adarawanthaya newi.. Puththalame inne buruwo kiyalai Teena kumari nm kiwe.. Adarawatha kumaraya dakune ela kollek..
Delete