මොනොකියුලරයාගේ ආගමනය..
දන්නවද මොනොකියුලරයා ගැන? බය හිතෙන නමක් නේද? අහලා ඇතිනේ ඩයිනෝසරයා එහෙම. අර jurasic park ෆිල්ම් එකේ ඉන්නේ.. මිනී කන.. අපොයි..... එයාගේ මල්ලී කෙනෙක් නම් නෙවෙයි මේ. ඒ වගේ ලොකූ බඩක් නම් තියනවා තමයි ඉතින්. හැබැයි නාන්නේ නම් නෑ වගේම තමයි. ඇලට ගියොත් විතරමයි නාන්නේ. නැත්තම් sorry තමයි එක ඇඳේ නිදියන අපේ නයන්නයට. මේ කියන්න යන්නේ අපේ බෝඩිමේ එක සගයෙක් ගැන. අපේ "මොනා"ගේ කතාවයි මේ. මෙහෙමයි,
..දවසක් අපේ නයන්නයට pen drive එකක් ගන්න ඕනවුණා. ගණන් හිලවු හොයලා බැලුවම eBay කරන එක හොඳයි කියලා තමයි අන්තිම තීරණය වුනේ. අන්තිමට "මොනා"ගේ laptop එකෙන් net ගිහින් aBay එකේ search කරලා ඔන්න නයන්නයයි "මොනා"යි link එකක් හොයාගෙන මට කිව්වා eBay දාන්න කියලා. < ලොරිය > මම ඉතින් "මොනා"ගේ lap එකෙන් log වුනා මගේ eBay account එකට.< ලොරිය /> මගේ නරක වෙලාවටද "මොනා"ගේ නරක වෙලාවටද මන්දා, මට අමතක වුණා stay sign in එක uncheck කරන්න. < ලොරිය >කොහොමින් කොහොම හරි අන්තිමට නයන්නයට kingston 32GB pen drive එකක් eBay දැම්මා.< ලොරිය /> මමත් ඉතින් වැඩේ ඉවරයක් වුන නිසා මගේ වැඩ කරන්න ගියා. "මොනා" eBayඑකේ මොනවදෝ කර කර තමයි හිටියේ.. මම ඉතින් බලන්න ගියේ නෑ. ඔන්න ඉතින් එදා දවස ගෙවිලා ගියා. මෙ සිද්ධිය වුනේ රෑක. පහුවදා මම පුරුදු විදිහට lectures වලට ගියා. < ලොරිය > මම නිකමට වගේ මගේ eBay account එක පැත්තේ ගියා මගේ Xperia ray, Smartphone එකෙන්.< ලොරිය />. අන්න එවෙලේ දැකපු දෙයින් තමයි මට දෙවි බඹුන් සිහි වුනේ. මගේ acconut එකෙන් Monocular එකක් purchase කරලා. මට සල්ලි ගෙවන්න වෙලා. USD 18.99ක් තමයි ගාන. මම එහෙම දෙයක් කලෙත් නෑ.. මම කල්පනා කරලා බැලුවා, මොකක්ද වෙන්න පුලුවන් කියලා.
මට මතක් වුනා ඊට ටික දවසකට කලින් "මොනා" ඔහොම දෙයක් ගැන කිය කිය හිටියා නේද කියලා. එහා කන්දේ නාන නයි බලන්න ඕන කියලයි කිව්වේ. මට ආපු තරහා මූ එක්ක. නොදන්න මගුල් නොකර ඉන්න ඕන. කාට කියන්නද මේවා.. මොනවා කරන්නද? මම call එකක් දීලා manට කීවා සිද්ධිය. පොර හොඳටම upset ගියා වැඩේට. "වැලී"ත් හිටියලු එතන. දැන් මොනවා කරන්නද? සල්ලි ගෙවන්න වෙනවනේ..
ඔන්න මිනිහා පහුවදා ගෙදර යන්නයි හදන්නේ. මම සල්ලි ඉල්ලුවා අරකට ගෙවන්න. පොර මට ස්ල්ලි ටිකක් දීලා අසරණ විදිහට පස්සෙ ඉතුරු ටික දෙන්නම් කීවා. පවුනේ මොනවා වුණත්.. මම ඉතින් සල්ලිත් අරගෙන sellerට request එකක් දැම්මා transaction එක cancel කරන්න. පොර එහෙම කලා.අපේ "මොනා" ගෙදර දැන්. මිනිහා දන්නේ නෑ වුනේ මොකක්ද කියලා.. හොඳටම බය වෙලයි හිටියේ. පස්සේ මම call එකක් දුන්නා වැඩේ හරි ඒ Monocular එක ගන්න ඕනෙ නෑ කියලා. පොර දිව්යලෝකේ ගියා වගේ.. මට ගොඩාක් වෙලා ස්තුති කලා.
ඔන්න ඔය විදිහට නොදන්න කමට Monocular එකක් ගන්න ගිහින් අපේ "මොනා"ට මොනොකියුලරයා කියලා නම හැදුනේ.. කොහොම හරි ගහක් ගලක් වගේ හිටපු අපේ "මොනා" බලුවුණු දෙවනි වතාව තමයි ඔය. ටික දවසකට කලින් කලිසමක් හින්දා බලුවුණා කියලයි දන්න අය කියන්නේ. හැබැයි පොර ඊට පස්සේ දිගින් දිගටම බලුවෙන්න පටන් ගත්තා. දැන් ඔන්න කෙල්ලෙක්ගේ නමකුත් ඔතනට එකතුවෙලා තියන්නේ. < ලොරිය > හැබැයි ඔය අපේ "මොනා"ට තියන්නේ Toshiba, Quad core, Satellite laptop එකක්. game ගහන්න කියාපු එක. < ලොරිය /> අපි නොහිතන, නොදකින තරම් ලස්සනක් අපේ ජීවිත වල තියනවා. මේවා කියන්නේ කාටවත් මඩ ගහන්න නෙවේ.. පොඩ්ඩක් හිනා වෙලා ඉන්න. ඇත්ත කතා විතරයි ඉතින් කියන්නේ. බොරු ගොතලා කීවම හරි කරදරයි. මොකද බොරුව මතක තියා ගන්න වෙනවනේ..
අනිත් අය ගැන පස්සේ වෙලාවක කියන්නම්. ලොරියකට සෙට් වුණ ලොරියක් බලන්න ගෙදර ගිය "මොනා"ටත් මටත් වුණුදේ, චීන සමූහාණ්ඩුව ගැනත් කියන්න තියනවා.. ඒවා අපේ රස කතා. බෝඩිමෙන් ඇසෙන කතා...
It's ok.
ReplyDeletePuluwan. Ekata thamai meka thiyanne..
ReplyDelete