Sunday, March 31, 2013

පැණි මාමා...

මේ කතාවත් අශ්වයා ගැනවත් ඉස්තාලයේ හිමි කරුවා ගැනවත් නෙවෙයි.. පැණි මාමා ගැනයි..
අනේ ඇත්තටම මෙයාට අපි පැණි මාමා කියන්නේ....., මෙයා මාමා කෙනෙක් කිව්වට වැරදිමත් නෑ. ඒ තරම් වයස, දැන් ජීවිතේ දෙගොඩ හරියත් පහු කරලා ඉන්නේ. පැණි කිව්වට එච්චරටම අවුලක් ගන්න එපා, ඒ මාමා කාටවත් කෙල්ලෙක්ට පැණි පෙරන්නේ නම් නෑ අපි දන්න තරමින්.. මාමාට පැණි පෙරන කෙල්ලෙක් දෙන්නෙක් ගැන නම් අපිටත් ඉතින් කනින් කොනින් ආරංචි නාවමත් නෙවෙයි, නොදන්න අත දරුවො වගේ අපි, ඇහැ කන පියාගෙන හිටියට. අනුන්ගේ ඒවා අපිට මොකොටද නේද? ඒ වුනාට නිකන් ඉන්න එකේ පොඩ්ඩක් හොයලා බලමු(උපුටා ගැනීම: නුවන් අයියා).
ඒ වුණත් මෙයා කෙල්ලන්ට පැණි දෙන්න නම් හරි කැමතියිලු.. විශේෂයෙන් යන්න යන අයට කතා කරලාම පැණි බෝතල් කරලා බෝතල් පිටින්ම දෙන්නලු කැමති. ඉස්සර මේ මාමාට වෙන නමක් තිබුණේ.. ජීවිතේ සැඳෑ සමය ක්‍රීඩා ශීලීව ගෙවන්න කියලා ගිහින් තරුණ කාලේ ඕනම වෙන දෙයක් අහිමි කරගෙන නමේත් කොටසක් අහිමි කර ගත්තා.. මේ මාමා තමයි අපේ පැණි මාමා.. පැණි මාමාට දීර්ඝායු පතමු..

Saturday, March 2, 2013

අශ්වයා සහ ඉස්තාලය


අශ්වයා සහ ඉස්තාලය ලඟදීම බලාපොරොත්තු වන්න..

තවමත්...
ඉස්තාලයද වසා නැත..
අශ්වයාද පැනගොස් නැත..

රැඳී සිටින්න අප සමඟ, බෝඩිමෙන් ඇසෙන කතා...