Friday, April 19, 2013

අපිටත් හොරෙන්..

ඔන්න ඉතින් දවසක් අපි බෝඩිම පැත්තට එන්න ආවා. මමත්, වැලීත් මොනාත් තමයි ආවේ. අපේ නයන්නයා උගේ ස්නෝවයිට් බලන්න ගිහින්. ඉතින් අපි කතාවෙන් කතාවෙන් බෝඩිමට හැරෙන හංදිය ලඟට ආවම මටත් මොනාටත් වැලී කියනවා මෙන්න මෙහෙම
"උඹලා දෙන්නා පලයල්ලා, මම පොඩ්ඩක් පහලට ගිහින් එන්නම්" කියලා..
මොනාත් මමත් යන්න හදලා, හදිස්සියෙම වැලීට පහල යන්න ඕන වුණේ ඇයි කියලා හිතුනා.. ඇපි දෙන්නත් වැලී එක්කම යන්න හැදුවා. ඒත් වැලී අපි දෙන්නට එන්න දෙන්නෙම නෑ. එපාම කියනවා. මොනාටත් මටත් දැන් මලෙ මල මූ එක්ක. ඇපි දෙන්න ඌවත් අරගෙන පහලට ආවා. වැලී ඉස්සරහින් යනව, අපි දෙන්නා පස්සෙන් යනවා.. යනකල්ම අරූ අපිට බනිනවා..
සඳසිරිය ලඟ තුන්දෙනාම නැවතුනා, වැලී මෙන්න කාටදෝ කෝල් එකක් ගත්තා.. මෙන්න බොලව්.....

අපේ මොනා මට පෙන්නුවා මල් වැටක්, වැට ලඟ සුදු කෙල්ලෙක්.. හොරෙන් හොරෙන් හොරෙන් බලා, අපේ වැලීට කතා කරනවා... වැලීත් වට පිට බල බල ගිහින් මොනවදෝ හුවමාරු කරගත්තා.. එතනදි සුදු කෙල්ලට අපේ වැලී කිස් එකක් ( තොත්තුවක් හොඳේ ) දෙනවා මමත් මොනාත් දැක්කට ඒක කාටවත්ම කියන්නේ නෑ කියලා අපි දෙන්නා හිතා ගත්තා, මොකද සදාචාර සම්පන්න නෑනේ ඒවා බලන එක.. අපිට බැලුණට.. මොනා නම් කීවේ සුදු කෙල්ල රතුවුණා කියලයි.. මම නම් දැක්කේ නෑ.. මම හිතන්නෙ අපේ වැලී එහෙමත් දකින්න නැතුව ඇති කියලයි, මොකද උගේ ඇස් පියවෙන්න ඇති කිස් එක දෙනකොට.. කෙල්ල ආපහු ගියා, වැලීත් අපි ලඟට ආවා ලජ්ජාවෙන් වගේ. අපි දෙන්නත් මොනවත් දැක්කේ නෑනේ කියලා ආපහු බෝඩිමට එන්න පිටත් වුණා.. ආවට පස්සේ තමයි මොනාටත් මටත් මල කරදරේ පටන් ගත්තේ.. ඒවට අපි බය නැති හින්දා අවුලක් වුණේ නෑ.


මේ කතාව මතක් වුණේ, ආයෙමත් දවසක වැලීගෙ මල්ලි කෙනෙක් එක්ක අපි ඒ විදිහටම ගමන ගිහින් ඒ විදිහටම වෙනත් තැනක වුණු හින්දා.. මල්ලීත් මමත් ඒක දැක්කේ නෑ.. කිස් එක දුන්න එක දැක්කේ නෑ කිව්වා නේද යකෝ දැන්...