කෙසෙල් කැනක් හොරෙන් කපන්න
එපා කිසිදා නාරද නම් රැගෙන යන්න..
කෙසෙල් කැන් සොරෙන් කැපීමේදී "අත් උස්සාගෙන බාර නොවෙන දෙදෙනෙක්" අවශ්‍ය වේ.

අද කතාව කෙසෙල් හොරු ගැන. මෙහෙම කියන්නම්කෝ...
වැලිත් මමත් අපි හොස්ටල් ඉන්න කාලේ පේර කඩන්න එහෙම කැම්පස් එකේ හැම තැනම වගේ ඇවිදිනවා. ඔහොම දවසක් යනකොට අපි දෙන්නා දැක්කා ලොකුම ලොකු ආනමාලු කැනක් තියනවා. හැබැයි ලොකු කෙසෙල් ගහක තමයි. ඔන්න ඉතින් අපි හොස්ටල් එකට ඇවිත් රෑ මගේ 14 කාමරේට සෙට්වුණා අපේ දහදෙනාගේ කල්ලිය. අපි දැකපුදේ අනිත් අට දෙනාටත් කිවුවා. අපේ කල්ලියේ යෝජනාව උනේ කපන්න. කෙසෙල් කැන හොඳේ.. ඔන්න අපි පැහෙනකල් ඇහැ ගහගෙනයි හිටියේ. දවසක් හදිස්සියේම අපිට ආරංචියක් ලැබුණා වෙන සෙට් එකක් අරකට වැඩේ දෙන්න යනවා කියලා. හවස තමයි ආරංචිය ආවේ. රෑ අපි සෙට් වෙලා කරන්නේ මොකද කියලා කතා කලා. අපේ ලොරිපති තුමා, නාරද( මුචලින්දයා ) කීවා හෙටම
අපි ගේම දෙමු කියලා. හරි, දෙන්නම්කෝ ලොක්කා කියලා ඔන්න සෙට් එක විසිරිලා ගියා. පහුවදා හවස 5ට විතර නාරද වැඩේට යන්න කතා කලා. මමයි වැලියි එච්චර කලින් යන්න බෑ කීවා. දැන් යන්නේ කවුද? මමයි, වැලියි,නාරදයි හරි. තව කෙනෙක් බැලුවා. ඩෝබිට පහුවදා quizලු. පට්ටියා ඇවිත් නෑ. ඉබ්බා බයගුල්ලා.. අන්තිමට අපේ සංගීත් චක්‍රවර්තී රංජිත් මල්ලිට කතා කලා. මූ කැරපොත්තන්ට බයේ මේසේ උඩ නගින එකා, ගමනට එක පයින් නෙවේ දෙපයින්ම කැමති උනා. ඉතින් 7 විතර වෙද්දි අපි බෑග් එකයි අපිට තිබුණ පොඩි පිහි ටිකයි අරගෙන පිටත් වුණා.

මට අමතක වුනා මම ඇඳගෙන ගියේ සුදු පාට කොටු තියන shirt එකක් කියලා. අපි ගහ ලගට ආවමයි මතක් වුනේ. ඒ මදිවට පෝයත් ලඟම එනවා. හඳ එලිය වැඩියි වගේ. මොනා කරන්නද. මම ගැලෙව්වා මගේ shirt එක. දාගත්තා සාක්කුවට. මමයි ඔත්තු බලන්නේ. වැලීයි මමයි ගහ ටික ටික පාත් කරලා පහලම ඇවරි කපන්න ගත්තා. ඒවා පුදුම ලොකුයි. බරයි. මුල් ඇවරි කොහොමට ඇත්ද? ඈත security point එකේ කව්ද බලනවා වගේ මං දැක්කා. ගිහින් බැලුවම සික්කයි තව CECB බුවෙකුයි කතාව. ආයෙ අපි වැඩේ පටන් ගත්තා. නාරද බෑග් එකට වැලී කපලා දෙන ඒවා දානවා. රංජියා බෑග් එක අල්ලගෙන ඉන්නවා. මම ආයේ ඔත්තු බලන්න යන්න යනකොටම මං දැක්කා කව්ද බුවෙක් ටෝච් එකක් අරගෙන අපි ඉන්න දිහාට එනවා.
මම් දුවගෙන ආවා අපේ උන් ලඟට. ඇවිත් "දුවපියව් ඔන්න කව්ද එනවා" කියාගෙන මම උඩ පැත්තට දිව්වා. අරුන් තුන්දෙනා පහලට දිව්වා බෑග් එක රංජියා ගන්නවා මං දුවන ගමන් දැක්කා. අර බුවා මෙන්න මර හඬ දෙනවා "මෙන්න හොරූ" කියලා.. මට නේද? ඇත්තටම මටත් බය හිතුනා. මං දන්නවා මං යන පැත්තේ ඉන්නවුන් සද්දෙට එනවා, මට තව යන්න වෙන්නේ නම් නෑ කියලා. කරන්නම දෙයක් නෑ, නිදා ගත්තා කැලේ එහෙමම. shirt එකත් නෑ. බඩේ පපුවේ කටු ඇනෙනවා. මොනවා නම් කරන්නද? ඔන්න දැන් 10ක් 15ක් ඇවිත් හොරු හොයනවා. ටෝච් ගහගෙන. කෑගහනවා එහෙන්. පස්සේ උන් ගල් ගහන්න තිරණය කලා. මොකද උන් හිතුවා රෑ හින්දා හොරු ගොඩක් දුර දුවන්නේ නැතුව ඉඳිවි කියලා. උන් හරි. මමත් ලඟමනේ හිටියෙ. පහල පැත්තට දැන් ගල් ගහනවා. නෑ සද්දයක්. මට පෙනුනා මං හිටපු තැන පේන හරියේ බුවෙක් ඉන්නවා, පොර මාව දැක්කා කියලත්. මූ නොදැක්කා වගේ තව එකෙකුට කතා කලා හොයන්න යන්න වගේ. මං තොත්ත බබානේ..?

මං දන්නවා දැන් මුන් දෙන්නා මගේ ඇඟට පනිවි කියලා. හා.. වරෙල්ලකෝ... දෙන්නා මට අඩියක් විතර ලං වෙනකොට මං මගේ ඇඟේ කියලා ඉතුරුවෙලා තිබුන ශක්තිය ඔක්කෝම කකුල් දෙකට අරගෙන උන් ඇසිපිය ගහන්න කලින් නැගිටලා දුවන්න ගත්තා ක්ෂණයෙන්. උන්ට හිතාගන්න කලින් මං දුවනවා දැන්. "මෙන්න හොරා උඩට දුවනවෝ" කියලා උන් එලවගෙන එන ගමන් කෑ ගහනවා. උඩ හිටපු උන් මාව අල්ලන්න පාර දිගේ මගේ ඉස්සරහට එනවා කියලා මං දන්නවා. මං කලේ කලින් දන්න shortcut එකකින් දැම්මා උන්ගේ වාඩියක් මැදින්. මොකද මං අනුමාන කලා උන් මාව අල්ලන්න වටෙන් එන පාරට දුවලා ඇති කියලා. මං හරි. එක මෝඩයෙක්වත් නෑ. මං දුවගෙන පාරට ආවා.
කැලේ කඩේ ලග ජීප් එකක් තියනවා. පොලීසියද දන්නේ නෑ, එහෙම වුනොත් හරි කෙලියක් වෙන්නේ. වෙලාවට ජීප් එක ගියා. මං කොයි එකටත් කාණුවට බැහැලා phone එක off කලා. shirt එක ඇඳගත්තා. මොනවත් අවුලක් නෑ වගේ පෙනුනම එලියට ඇවිත් කැන්ටිම හරහා කැන්ද ගහ යටට ගියා. සෙරෙප්පු දෙක නෑ. ඒවා දාලනේ දිවුවේ.. කැන්ද ගහ යට ගල උඩ වාඩි වෙලා බැලුවා කකුල් දිහා. හොඳටම මඩ. වම් කකුලේ මහපට ඇඟිල්ලේ කෑල්ලක් නෑ. දකුණේ ලොකු කැපුමක් තියනවා. දැන්නම් ලේ ගලන්නේ නෑ. ඔන්න එතකොට මං phone එක on කරල තිබුනේ. වැලීගෙන් SMS එකක් ආවා. "උඹ කැන්ටිමේද?" කියලා ඌ අහලා තිබුනේ. ඌ දන්නවනේ මං කවුද කියලා. මං කිව්වා මං කැන්ද ගහ යට, "උඹ කොහේද? අරුන් දෙන්නා කෝ" කියලා. වැලීට උන් දෙන්නව මග ඇරිලා. අපොයි. වැලී ආරක්ෂිතව වැලිගොඩක් පිටිපස්සේ ඉන්නවා කියලයි කිවුවේ. ඔන්න පට්ටියා ආවා මං හිටපු තැනට. විස්තරේ කියද්දි මට නාරදගෙන් කෝල් එකක් ආවා. මං answer කලා. "මචං අපි කරපු වැඩේ වැරදියිනේ, අපි ආතල් එකටනේ කලේ..." මෙහෙම අපේ නාරදයා කියාගෙන යනවා. මං බැලුවා මොන අපබ්‍රංසයක්ද මේ කියලා. මෙන්න අන්තිමට මේකා කියපි " අපි බාර උනා මචං, වරෙන් අපි මෙතන ඉන්නවා" කියලා. මූ මරලත් මදි. බූරුවා. ඔක්කොම ඉවරයි. අපරාදේ මං අච්චර දිවුවේ උන් බේරන්න. මමත් පට්ටියත් අරුන් දෙන්නා හිටපු තැනට ගියා. කොහොමින් කොහොම හරි කලු පාට shirt එකක් ඇඳගෙන හිටපු පට්ටියා තමයි මං වෙනුවට උන් අඳුන ගත්තේ. මොකද මගේ shirt එක සුදු කොටු එකක්නේ.. (අපොයි.. මං කලුයි කියලා කියවෙනවාද මන්දා මේකෙන්..).
දැන් ලොකු අවුලක්. වැලී තවමත් නෑ. එහෙම හොරෙක් හිටියද කියන්නවත් උන් දන්නේ නෑ. මෙන්න නියම genuine හොරු. අන්තිමට අපිට සිද්දවුනා පාරට ගිහින් security point එකේ තියන පොතක අපේ නම්, registration number ලියලා අත්සන් කරලා එන්න. අපිට තිබුනා ඕනේ නම් බොරු ලියලා එන්න. මොකද කවුරුවත් ඒක බැලුවේ නෑ. අපි නම් බය වුනේ නෑ. වැලීත් අත්සන් කලා. ඔන්න අපි ඒවා ඉවර කරලා අපේ කපපු කෙසෙල් ඇවරි ටිකත් අරන් ආවා. අපරාදේ කියන්න බෑ ඒවා අපිටම දුන්නා. ඉතුරු ටිකත් කපාගෙන යන්න අවසරත් හම්බුවුනා. හොස්ටල් එනකොට කොල්ලෝ අහනවා මොකද case එක කියලා. අන්තිමට වැලීයි මමයි ගහගෙන කියලා බොරුවක් කියලා shape උනා. හැමෝම හිතුවේ ඇත්ත කියලා.
හොස්ටල් ආව වෙලාවේ ඉඳන් මමයි වැලියි අරුන් දෙන්නට බනින්න හැදුවේ. ඊට කලින් මෙන්න රංජියා නාරදට බනිනවා. නාරදයා අපිට කිව්වේ රංජියා බාරවෙමු කිව්වා කියලයි. රංජියා කියපි "තෝ තමයි කලුවරේ ඉන්න බයයි කියලා බාර වෙමු කීවේ. මම කිව්වා 9.30 වෙනකල් ඉමු කියලා. කොහෙද, අත්දෙක උස්සගෙන ගිහින් බාර උනානේ. මමත් ආවා ඉතින්" කියලා. නාරදයාට පට්ට නෝන්ඩිය. අපි ඔක්කෝම දන්නවනේ මූ කලුවරට බයයි කියලා, මොකද මූ light ගිය වෙලාවට bathroom යන්නේ නෑ කවුරු හරි නැතුව. අපිට පිලිගන්න උනා නාරදයා තමයි "අත් උස්සගෙන" බාර උනේ කියලා.ඔන්න ඕක හින්දා අපේ දහ දෙනාගේ කල්ලියේ උන් අදටත් නාරදයා දකිද්දි අත් උස්සලා යන්න පුරුදු වෙලා ඉන්නවා. මූට යකා කේන්ති යනවා ඕකට. කුණුහරුප නෑ මූට. ඔන්න ඕකයි කෙසෙල් කැන් කැපූ කතාව. campus එකේ මහ ලොකුවට අරක කලා මේක කලා කීවට අපි වගේ ආතල් ගත්ත එවුන් අපි අතරේ නම් නෑ. මොකද අපි කරපු දේවල් දන්නේ අපි විතරයිනේ. ටික ටික පස්සේ කියන්නම්කෝ..

.jpg)