ඇරඹුම මෙසේ..
බෝඩිමෙන් ඇසෙන කතා පටන් ගන්න හේතුව තමයි අපේ බෝඩිම හුඟාක් වාද විවාද වලින් පිරුණු තැනක් වීම. ඕනෙම දෙයකදි අපේ අය වාදයක් පටන් ගන්නවා.. හුඟාක් රෑ වෙනකල් ඇහැරගෙන අන්තිමට නිදාගන්නවා නෙවෙයි, ඇත්තටම නින්ද යනවා..
මුලින්ම කියමු බෝඩිම ගැන විස්තර ටිකක්. මේක තියන්නේ ශ්‍රී ලංකාව කියන ලස්සනම ලස්සන පුංචි රටක. ඒ රට තියන්නේ නම් දූපතක් විදිහට කියලයි සිතියමේ තියන්නේ.. ඔන්න ඔය පුංචි රටේ ඌව පලාතේ තියනවා බදුල්ල කියලා නගරයක්. බදුල්ලේ ඉඳලා මොණරාගල යන පාරේ කිලෝ මීටර 3ක් විතර යනකොට තියනවා ගොඩාක් වැදගත් වටිනා කියන තැනක්. ඒ තමයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යයාලය. අපේ බෝඩිමේ ඉන්නවා කොල්ලෝ හතර දෙනෙක්. හතර දෙනාම සූරයෝ තමයි.. අපි හතර දෙනා ගම් පලාත් හතරක. හැබැයි එකම පීඨයක අය. විද්‍යාව හා තාක්ෂණය පීඨයේ තමයි ඒ. මම නම් විද්‍යාව හා තාක්ෂණය උපාධි පාඨමාලාව තමයි කරන්නේ.. අනිත් තුන්දෙනාම පරිගනක විද්‍යාව හා තාක්ෂණය උපාධි පාඨමාලාව තමයි කරන්නේ. අපි ඉන්නේ නම් කලු අක්කාගේ බෝඩිමේ.. අපි හතර දෙනා ගැන කියනවා නම් මෙහෙමයි,
මම හසිත, "දිගා" කියලයි කවුරුත් දන්නේ..
නයන,අදීශ,අමිල කියලා තමයි අනිත් තුන්දෙනා..
අමිලට කියන්නේ "වැලී", ඉස්සර නම් "වැලි මීයා".
නයනට නම් ගොඩාක් නම් තියනවා. කාඩ් තමයි.
අදීශට කියන්නේ "මොනොකියුලරයා" කියලයි.. ඒකත් රස කතාවක්. පස්සේ ඒවා කියන්නම්කෝ..
ඔන්න ඔහොමයි අපේ විස්තර.
වෙලාව තියන විදිහට අපේ විස්තර කියන්නම්කෝ..
www.hasitha.tk
www.hasitha.tk
No comments:
Post a Comment