කාලෙකින් මොනවත් ලියන්නත් බැරි වුණ එකේ අදවත් මොනවා හරි ලියන්න කියලයි බැලුවේ. තිබුනා වගේ කියන්න යන්නේ ආදරයක් ගැන තමයි ඉතිං. අදත් ඉතින් අපේ මොනොකියුලරයා තමයි මාතෘකාව. මේක මොනාගේ ආදරේ ගැන. පුදුමයි නේද කියනකොටත්. මොනාට මොන loveද?
එකතරා දවසක හවසක අපි හතරදෙනා තවත් කෙල්ලෝ දෙන්නෙක් එක්ක වෙල් එලිය පැත්තේ ගියා ඉතින්. ගියේ මොක්ස් සහ ටිකක් පුරසිද්ද එක්කෙනෙක්. එන ගමනේදී මොක්ස් අපේ අහිංසක මොනාට තමන්ගේ අවංක පිවිතුරු අචින්ත්‍ය, තිස් නව වන කුළුඳුල් (යයි කියාගන්නා) ප්‍රේමය පුජා කළා. ඒ වෙලාවේ "ප්‍රේමය පුදදී අවසානයි" කියන්න අපේ මොනාට ඕන වුනත් ඒක එහෙම නොවුන හින්දා දෙන්නම හදවත් දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙන ගමන අවසන් කළා.
වැළිත් මමත් නයන්නයත් හිතුවා මේක මෙතනින් ඉවරයි කියලා. අපිටයි වැරදුනේ.. ඉවරයි කිව්වට ඉවර නෑ. තව තිබිලා... ආයේ ආයෙත් මොක්ස් අපේ මොනාට පටන් අරන් තිබුනා. අකමැත්තක් පෙන්නුවත් මොනා ඒ කරදර "පැණි රැසක් ලෙස" ඉවසන්න ඕන කියලා නයන්නයට දවසක්දා කියනවා මම අහගෙන. අනුන්ගේ කාර් අනුන්ගේ පැට්‍රෝල් කියලා අපිත් පැට්‍රෝල් තියෙන කාර් එකක්ම හොයන්න පටන් ගත්තා. මේ උලව් ඔක්කොම අස්සේ අපි කාටත් හොරෙන් වැලියා අර පුරසිද්ද යයි කියූ එකී එක්ක chat කොරන්ඩ පටන් අරගෙන ඔං. මොනාගේත් තියෙන පෙරේත කමට වෙන එකෙක්ට හෙණ ගහන්ට ඕන, මොනාත් ඒ පුරසිද්ද යයි කියූ ඒකිට හොරෙන් හොරෙන් chat කොරනවලු නංගි ගන්ට. ඌ නම් හිච්චි එකා. එත් අපේ නාකි මනුස්සයානේ බොලව් වැඩේ. මේ නහින දෙහින කාලේ කොරන වැඩ. 
අදයි එන්න ලැබුනේ උඹේ බ්ලොග් එක පැත්තේ. සිරා වැඩක් මචං. ඔක්කොම කියවලම තව කියන්නන්
ReplyDelete